ලෝකයේ ලාබලතම මව මෙන්න

වර්ෂ 1933 දී ලිනා මෙඩිනා උපත ලබන්නේ පේරු, ටික්‍රාපෝ හිදී. ඇයට වයස අවු. 5 දී ඇගේ දෙමාපියන් ඇයව රෝහලට රැගෙන එන්නේ ඇගේ උදරය විශාලව අසාමාන්‍ය ලෙස වැඩෙන බව පවසමින්.

ඔවුන් පවසන්නේ ඇගේ උදරය තුළ විශාල ගෙඩියක්‌ (tumor) වර්ධනය වෙමින් පවතින බවයි. නමුත් වෛද්‍යවරු මහත් විශ්මයට පත් කරමින්, පරීක්‌ෂා කිරීමේදී හෙළි වන්නේ ඒ වන විට ඇය සත් මස්‌ ගැබිනියක්‌ බවයි. මේ විශ්මයජනක සිද්ධියේ ඉදිරි කටයුතු භාර ගනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ජෙරාල්ඩෝ ලොසාඩා යි.

ඉදිරි පරීක්‌ෂණ සඳහා වහාම ලිනා ව රැගෙන යනු ලබන්නේ පේරු හි ලීමා නගරයේ නවීන පහසුකම් සහිත රෝහලකට. එහිදී විශේෂඥ වෛද්‍යවරු පිරිසක්‌ විසින් මේ විශේෂිත සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ අරඹනවා.

එහිදී සොයා ගනු ලබන්නේ ලිනා උපත ලබා ඇත්තේ "පූර්වපාක මල්වරවීම" (Precocious Puberty) නම් අති දුර්ලභ තත්ත්වය සමඟින් බව. පූර්වපාක මල්වරවීම යනු ලිංගික පරිණතභාවය බොහෝ අඩු වයසින් පටන් ගැනීමයි. ගැහැණු දරුවන් මල්වර වීමේ සාමාන්‍ය වයස අවු. 10 පමණ වන අතර ලිනා මල්වර වී ඇගේ ඔසප් චක්‍රය ආරම්භ වන්නේ ඇයට වයස අවු. 2 මාස 6 දී. ඇයට වයස අවු. 4 වන විට ඇගේ පියයුරු පූර්ණ ලෙස වර්ධනය වී තිබූ බව සොයා ගනු ලබනවා. ඇයට අවු. 5 වන විට ඇයගේ ශරීරය, උකුල පළල්ව දරු උපතක්‌ සිදුකළ හැකි සේ පරිනතව තිබූ බව වෛද්‍යවරුන් විසින් හෙළි කරගනු ලබනවා.

ලිනා මෙඩිනා, වෛද්‍ය ඉතිහාසයේ මෙතෙක්‌ වාර්තා වූ ලාබාලම මව ලෙස ඉතිහාසගත වන්නේ 1939 මැයි 14 වන දින ඇගේ වයස අවු. 5 මාස 7 දින 21 දී පේරු, ලීමා රෝහලේදී සිසේරියන් සැත්කමක්‌ මඟින් පිරිමි දරුවකු බිහි කිරීමෙන්. වෛද්‍ය ලොසාඩා, වෛද්‍ය බුසාලූ හා නිර්වින්දන වෛද්‍ය කොලරෙටා ඇතුළු කණ්‌ඩායම විසින් සාර්ථකව සිදු කළ සිසේරියන් සැත්කම මඟින් ලිනා උපත දුන් දරුවාගේ බර කි.ග්‍රෑ.2.7 ක්‌. වෛද්‍ය කණ්‌ඩායම විසින් මේ ඉතාමත් නිරෝගී ඓතිහාසික දරුවා 'ජෙරාඩෝ' යයි නම් කරනු ලබනවා.

මේ විශ්මිත, ඓතිහාසික සිද්ධියේ ප්‍රීතිය වෛද්‍යවරුන් එසේ සමරන අතර, පොලීසිය වහා ක්‍රියාත්මක වන්නේ මේ විශ්මිත සිද්ධියේ නිර්මාතෘවරයා සොයා ගැනීමටයි. නොහොත් ලිනා දැරිය අපයෝජනයට ලක්‌ කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි. ඒ අනුව අත්අඩංගුවට පත්වන්නේ ලිනාගේම පියා යි. අපයෝජනයට වග කිවයුත්තේ ඔහු බව හො\කාරවම පෙනී ගියත් සාක්‌ෂි නොමැති නිසා ඔහු නිදහස්‌ කිරීමට පොලීසියට සිදුවනවා. තම දරුවාගේ සැබෑ පියා කවුදැයි ලිනා, පසු කලෙක ඇය මිය යන තුරුම හෙළි කළේ නැහැ. 1939 වන විට ජාන පරීක්‌ෂණ පිළිබඳව අසාවත් නොතිබුණු බැවින්, ලොව මෙතෙක්‌ වාර්තා වූ ලාබාලම මවගේ සැමියා වීමේ 'කීර්තිය' ලබා ඉතිහාසගත වීමට ලිනාගේ පියාට නොහැකි වෙනවා. ලොව ලාබාලම මවගේ ගිනස්‌ වාර්තාව සදාචාරයට පටහැනි අපකීර්තිමත් අපචාර සිද්ධියකින් කිළිටි වන්නේ ඒ අයුරින්.

ලිනා ඇගේ දරුවාට වයස අවු. 2 දී. පුටුව මත සිටින්නේ ඇගේ බෝනික්‌කායි.වයසින් වැඩෙන විට ජෙරාඩෝ (දරුවා) සිතුවේ ලිනා ඔහුගේ සොහොයුරිය බවයි.