මංගලගේ ප්‍රකාශය ගෝඨා ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රජයේ වියදමින් නිවසක් මිලදීගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා වාසය කළ බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද්වේශ සහගත හා පදනම් විරහිත ප්‍රකාශයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් පවසයි.

වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.