පකිස්ථාන ගුවන් යානයක් අනතුරකට ලක්වෙයි

පකිස්ථාන ගුවන් සේවයට අයත් PK-661 දරණ ගුවන් යානයක් මීට ස්වල්ප මොහොතකට පෙර අනතුරකට ලක් වී තිබේ.

ඒ අවස්ථාවේදී එහි මගීන් 47කට අධික සංඛාවක් ගමන් කරමින් සිට ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

අදාළ ගුවන් යානය චිත්‍රාල් සිට ස්ලාමාබාද් බලා පියාසර කරමින් සිටි අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බව එරට පොලීසිය විසින් රොයිටර් පුවත් සේවයට වාර්තා කර ඇති බව සඳහන්ය.