පේෂල ජයරත්නගේ රියේ ගැටී අයෙක් මරුට

උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ රියෙහි ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

සීගිරිය සීගිරිමුල්ල ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ පනස් හතර හැවිරිදි මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ත‍්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිට ඇත.

ප‍්‍රධාන අමාත්‍යවරයා ගමන්ගත් ජීප් රථය අදාළ ත‍්‍රීරෝද රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදු වු අතර තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.