සහල් මාෆියාව පිටුපස ජනපති සොහොයුරෙක්‌

සහල් හෝ වී මාෆියාව පිටුපස සිටින්නේ ඇමැති හැරිසන් නොවන බව මුළු රටම හොඳින් දන්නා බවත් ඒ පිටුපස සිටින්නේ ජනාධිපතිවරයකුගේ සොහොයුරෙකු විය හැකි බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.

ඊයේ (29 දා) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

විදුලිය නිපදවීමේදී ඩීසල් මාෆියාවක්‌ ක්‍රියාත්මක වන ආකාරයටම වී සඳහා ද මාෆියාවක්‌ ක්‍රියාත්මක වන අතර ඊට වගකිවයුතු වන්නේ මහා පරිමාණ වි මෝල් හිමියන් කිහිප දෙනකු බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

එවැනි අය මාධ්‍ය මගින් විවිධ ප්‍රකාශ කිරීමට පෙළෙඹෙන බව අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.