රතිඤ්ඤා කරල්වල බුදුරුව

පැල්වත්ත ලංකා සීනි සමාගමේ උක්‌ වගා ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා අලිවෙඩි ලබා ගන්නා සමාගමෙන් මෙවර ලබාදුන් තුන්හුලස්‌ රතිඤ්ඤා කරල්වල දවටනයේ බුද්ධ රූප හා සීවලී රහතන් වහන්සේගේ රුව සහිත කොළ ඇති බවට ප්‍රදේශවාසීන් පිරිසක්‌ ලබාදුන් තොරතුරක්‌ අනුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

සීනි සමාගමේ නිලධාරීන් විසින් ලබාගෙන තිබූ මෙම රතිඤ්ඤා තොගයේ රතිඤ්ඤා 500 ක්‌ පමණ තිබී ඇති අතර ඒවා නිකුත් කර ඉතිරිව තිබී ඇත්තේ 92 ක්‌ පමණක්‌ බවත් ඒවා පොලිස්‌ භාරයට ගැනුණු බවත් ස්‌ථානාධිපතිවරයා පැවැසීය. මේ සම්බන්ධයෙන් ඊයේ (30 දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් රතිඤ්ඤා කරල් උසාවියට ඉදිරිපත් කළ බවත් ඒ මහතා කීය.