සිප ගැනීම ගැන ඔබ නොදත් කරුණු


ඔබ පළමු වතාවට යම් කෙනෙක් සිප ගන්නා විට ඩොපමයින් නම් වූ ස්නායු සම්ප්‍රේෂකය උත්තේජනය වෙනවා. එවිට ඔබට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට නිසාම තව තවත් සිප ගැනීමට ඔබ තුළ දැඩි කැමැත්තක් ඇතිවෙනවා.සිප ගැනීමෙන් ඔබගේ ආයු අපේක්ෂාව වැඩි වෙනවා. එයට හොඳම සාක්ෂිය වන්නේ රැකියාව සඳහා පිටත්ව යන විට තම බිරිඳ සිප ගන්නා පිරිමින් අවුරුදු 5 ක් වැඩිපුර ජීවත් වෙන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිමයි.

සමහර රටවල සිප ගැනීම නීතියෙන් තහනම් කර තිබෙනවා. ඇමෙරිකාවේ හාට්ෆොඩ් සහ කනෙට්කම් ප්‍රාන්තවල ඉරිදා දිනයේ තම සැමියා සිප ගැනීම බිරිඳට තහනම් වන පරිදි අදටත් එම නීතිය ක්‍රියාත්මකයි.යම් කෙනෙක් සිප ගැනීමේදී ඔබගේ හද ගැස්ම වේගවත් වෙනවා. එමෙන්ම මොළයට වහනය වන රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ යනවා. මෙය මොළයේ ක්‍රියාකාරිත්වයට ඉතා හොඳ බව පිළිගැනේ.

ලෝකයේ සමස්ත ජනගහණයෙන් 90 ක් තරම් පිරිසක් සිප ගන්නා බව මානව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. එම සියලු දෙනාම එකම ආකාරයට සිප නොගන්නා බවත් එහි විවිධත්වයක් පවතින බවද සඳහන් වෙනවා.ආලෝකය නැති විටදීත් සිප ගැනීමේදී එකිනෙකාගේ දෙතොල් හඳුනා ගැනීමට උපකාරී වන ස්නායු මොළයේ පිහිටා තිබෙනවා.

2/3 පමණ පිරිසක් සිප ගැනීමේදී හිස හරවන්නේ දකුණු පැත්තට බවයි වාර්තා වෙන්නේ. සිප ගැනීමේදී හිස හරවන දිශාව අප මව්කුසේදී හිස හරවාගෙන සිටින දිශාවට බොහෝ සමාන බව පිළිගැනෙනවා.සාමාන්‍ය පුද්ගලයකු ඔහුගේ සිටින කාලයෙන් පැය 336 ක් සිප ගැනීමට වෙන් කරන බව සොයාගෙන තිබෙනවා.සිපගැනීම දත්වලට ඉතාමත් හිතකරයි. සිප ගැනීමෙන් දත් සහ විදුරුමස් පිරිසිදුවීම සිදුවෙනවාලු.

පළමු වරට තිරය මත සිප ගැනීමක් සිදුවුණේ මීට සියවසකට පෙරයි. ඒ 1896 වසරේදීයි. කැනේඩියානු නිළි ටේලර්වින් මෙයට රංගනයෙන් දායක වුණා. එකල ප්‍රසිද්ධියේ සිප ගැනීම නීතියෙන්ද තහනම් වුණා.බොහෝ විට කාන්තාවන් ප්‍රිය කරන්නේ රැවුල නොමැති පිරිමින් සිපගන්නටයි. කාන්තාවන්ගෙන් 53 ක් පමණ එසේ ප්‍රියකරන අතර ඉතිරි 47 රැවුල තියෙන පිරිමි සිපගැනීමට කැමැත්තක් දක්වනවා.

දීර්ඝතම සිප ගැනීමට හිමි ගිනස් වාර්තාවට පැය 58 ක් ඇතුළත්. ඒ කියන්නේ දවස් දෙකක්. ඒ වාර්තාව පිහිටෙව්වේ 2013 වර්ෂයේ තායිලන්තයේ පනායා ප්‍රදේශයේයි. එකායි සහ ලක්සනා යුවළයි මේ වාර්තාවට හිමිකම් කියන්නේ.

අකිලා නදීශානි බණ්ඩාර