ලංගම නිවාඩු අවලංගු කරයි

පෞද්ගලික බස්, දුම්රිය හා ත්‍රිරෝද රථ අද (01දා) මධ්‍යම රාත්‍රියේ අරඹන වැඩ වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංගමයේ රියැදුරු, කොන්‍ෙදාස්තරවරුන්, කාර්මිකයන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන ලෙස අවලංගු කළ බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන දුෂ්කරතා අවම කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 7000කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවන බවද සභාපතිවරයා පවසයි. මේ අනුව සාමාන්‍ය ශ්‍රී ලංගම සේවාවන්ට අමතර ඒ ඒ මාර්ගවල අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු යොදා ඇතැයි හෙතෙම පවසයි.