ලංගම සේවකයින්ට අවදානම් දීමනාවක්‌

රට පුරා පෞද්ගලික බස්‌ වර්ජනය පැවැති පසුගිය සිකුරාදා (02 වැනිදා) ලංගම රුපියල් මිලයන 120 ක වාර්තාගත ආදායමක්‌ උපයා ඇතැයි ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ඊයේ (04 වැනිදා) පැවැසීය.

සාමාන්‍යයෙන් ලංගම දෛනික ආදායම රුපියල් මිලයන 72 ක්‌ බව ද එදින ලංගම දෛනික ආදායම සියයට 53 කින් ඉහළ ගොස්‌ ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

මෙදින මගී ප්‍රවාහන පහසුව තකා බස්‌ රථ 6199 ක්‌ යෙදවූ බවත්, මගීන්ට උපරිම ආකාරයෙන් ප්‍රවාහන පහසුකම් සැලසූ බවත්, ඒ සඳහා ඉතාම කැපවීමෙන් යුතුව සිය සේවාවන් සැපයූ සියලුම ලංගම සේවකයන්ට අවදානම් දීමනාවක්‌ ලබාදීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.