පළාත් පාලන ඡන්දය කොට්ඨාස ක්‍රමයට

පළාත් පාලන මැතිවරණය ඉතාමත් නුදුරේදීම කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ පවත්වන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ ප්‍රධානීන් එක්ව ඒකමතිකව තීරණය කළ බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබි ඇති බවද ඒ මහතා පවසයි.

මෙම ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම පිළිබඳව ඇතමුන් විරෝධය පළ කරන බවත් කොට්ඨාස ඡන්ද ක්‍රමය යටතේ අප තෙවන ස්ථානයට පත්ව පරාජය ලැබුවමුන් අනිවාර්යයෙන්ම කොට්ඨාස ඡන්ද ක්‍රමය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් භාවිත කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) දින තායිලන්ත රජයේ ආධාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීම සඳහා මෙරටට පැමිණි දූත පිරිස එම ගම්මාන නිරීක්ෂණය කිරීමට ප්‍රථම මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.