රට පුරා වෛරස් ආසාදනයක්

මේ දිනවල රටපුරා වෛරස් ආසාදනයක් පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

දින කීපයක් උණ රෝගය පවතින අතර එය සුව වීමත් සමග සති කීපයක් පුරා රඳා පවතින වෛරස් රෝගයක් පැතිර යන බවත් එම වෛරසය හේතුවෙන් වියළි හෝ සෙම සහිත කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යව පවතින බවත් හෙතෙම පෙන්වා දේ.

කුඩා දරුවන් අතර වැඩි වශයෙන් මෙම වෛරසය පැතිර යන බැවින් සෙනඟ ගැවසෙන ස්ථාන වෙත දරුවන් රැගෙන නොයන ලෙසද වෛද්‍යවරයා දෙමාපියන්ට දැනුම් දේ.

වියළි කැස්ස හෝ සෙම සහිත කැස්ස සති කීපයක් පමණ රදා පවතින්නේ නම් එය බැක්ටීරියා ආසාදනයක්ද විය හැකි බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම යොමු වන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි.

ශ්‍රියානි විජේසිංහ