රිදී රැයක්‌ ප්‍රසංගය දෙසැම්බර් 18

එදා මෙදා'තුර රිදී තිරය චමත්කාර කළ, දිදුලන සිනමා තරකාවන් රැසක්‌ වසරක්‌ පාසා ප්‍රසංග වේදිකාව මතට ඇදහැලෙන රිදී රැයක්‌ විචිත්‍ර ප්‍රසංගය සඳහා දෙවන වසරටත් අනුග්‍රහය දැක්‌වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සම්පාදක Dialog ආසිආටා සමාගම ඉදිරිපත් වී සිටී. රිදී රැයක්‌ 2016 ප්‍රසංගය දෙසැම්බර් මස 18 වැනි දින රාත්‍රී 7 සිට නෙළුම් පොකුණ රගහලේදී සුමධුර සංගීතයෙන් හා චිත්තාකර්ෂණීය රංගනයන් ගෙන් ඔප් නැංවෙනු ඇත.

වසර ගණනක්‌ පුරා මෙරට විනෝදාස්‌වාද දර්ශන තලයේ විශිෂ්ටතම රැඟුම් ගැයුම් මුසු වූ කීර්තිමත් ප්‍රාසාංගික වැඩසටහනක්‌ ලෙස රිදී රැයක්‌ රසික ප්‍රේක්‌ෂක සම්භාවනාවට පාත්‍ර වී තිබේ. 320 කට අධික දේශීය සිනමා තාරකාවන්ගේ සුභසිද්ධිය පිණිස කැපවූ අරමුදල ගොඩනැංවීමේ අරමුණින් සිනේස්‌ටාර් පදනම විසින් මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබයි. රිදී රැයක්‌ ප්‍රසංගය මගින් උපයනු ලබන වාර්ෂිකව රුපියල් මිලියන 5.5 ක්‌ පමණ වටිනා වෛද්‍ය හා ජීවිත රක්‌ෂණාවරණ පිරිනැමෙන අතර වියපත් ශිල්පීන් හට සහනදායී මාසික දීමනාවන් ලබාදීමට සිනේස්‌ටාර් පදනම කටයුතු කරයි.

1947 දී කඩවුණු පොරොන්දුව මුලින්ම තිරගත වීමත් සමඟ සිංහල සිනමාවේ ඉතිහාසය ආරම්භ විය. එම චිත්‍රපටය ජ්‍යෙdaතිශ් සිං විසින් අධ්‍යක්‌ෂණය කරන ලද අතර සීමාසහිත චිත්‍රකලා මූවීස්‌ටෝන් විසින් නිෂ්පාදනය කරනු ලැබිණ. ඒ සමඟ සිනමා අඹරෙහි පෑයූ තරු අතර රුක්‌මනී දේවි, එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා, පීටර් පීරිස්‌, මීරියම් ජයමාන්න සහ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් මෙරට සිනමා රසික හදවත් තුළ සදානුස්‌මරණීය වී සිටිති.

සිංහල සිනමාවේ මෙම දීර්ඝකාලීන සම්ප්‍රදාය ගෞරවාන්විත ව ඉදිරියට රැගෙන යමින් දෙසැම්බර් 18 දින, 14 වැනි වරට පැවැත්වෙන 'Dialog රිදී රැයක්‌' ප්‍රසංගයේ දී, ඈත අතීතයේ මෙන්ම මෑත යුගයේ ජනප්‍රිය වූ මිහිරි නර්තන ගායන රසාංග රැසක්‌ ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු පොකුරක්‌ සැදී පැහැදී සිටිති. රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෙµdන්සේකා, ශ්‍රීයන්ත මෙන්ඩිස්‌, රෝයි ද සිල්වා, ශ්‍රීයානි අමරසේන, ක්‌ලීටස්‌ මෙන්ඩිස්‌, වීණා ජයකොඩි, ජීවන් කුමාරණතුංග, සබීතා පෙරේරා, හේමාල් රණසිංහ, සංගීතා වීරරත්න, චන්න පෙරේරා, යශෝධා විමලධර්ම, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, සුරා- මාපා, පුබුදු චතුරංග, රොෂාන් රණවන, ලසන්ත කුමාරවිල, සචිනි අයේන්ද්‍ර, දිනක්‌ෂි ප්‍රියසාද්, අනුෂා දමයන්ති, ශලනි තාරකා, සාරංග දිසාසේකර, චතුරිකා පීරිස්‌, ගයාන් වික්‍රමතිලක, රොෂාන් පිලපිටිය, චිලී තිලංක හා විශ්ව කොඩිකාර ඇතුළු බොහෝ පිරිසක්‌ මෙම තරු පොකුරට අයත් වෙති.

පසුගිය රිදී රැයක්‌ ප්‍රසංග 13 පුරා මෙන්ම මෙවරද ප්‍රේක්‌ෂකයන් අමන්දානන්දයට පත් කිරීමට චන්න - උපුලී නර්තන කණ්‌ඩායම, ශ්‍රී ලාංකේය ගීත කෝකිලා රුක්‌මනී දේවී විශේෂ අනුස්‌මරණ රංගනයක්‌ ද මෙවර වේදිකාව මත රංගගත කිරීමට නියමිතය. ප්‍රවීණ කලාකරුවන් වන සුමනා අමරසිංහ, නීටා ප්‍රනාන්දු, ගීතා කුමාරසිංහ, ජානකී හා මැණික්‌ කුරුකුලසූරිය සොයුරියන් මෙම රුක්‌මනී දේවි අභිනන්දනයට සහභාගි වෙති.

Dialog ආසිආටා යනු දේශීය කලාව හා සංස්‌කෘතිය සුරැකීමට අතහිත දෙන, ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් නිරතුරු ඉදිරිපත් වන ආයතනයකි. සිනමා කලාව ඔස්‌සේ ජනතාවට සේවය සැලසූ කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා මහඟු මෙහෙවරක්‌ ඉටු කරන වාර්ෂික රිදී රැයක්‌ ප්‍රසංගය සඳහා වසර 3 ක්‌ අනුග්‍රහය දැක්‌වීමට 2015 වසරේ Dialog සමාගම ප්‍රතිඥා දුන්නේ ඒ නිසාය.

Dialog රිදී රැයක්‌ 2016 ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිල රු. 1,000, රු. 2,000, රු. 3,000, රු. 4,000, රු. 5,000, රු. 6,000 සහ රු. 7,500 වන අතර බොරැල්ලේ සදීපා, නුගේගොඩ, මහරගම හා කිරිබත්ගොඩ සරසවි පොත්හල් වෙතින්ද, යුනියන් පෙදෙසේ සලාකා සහ නවලෝක රෝහලේ පිහිටි සිනේස්‌ටාර් ප්‍රධාන කාර්යාලයෙන්ද ලබාගත හැක. ප්‍රවේශ පත්‍ර පිළිබඳ විමසීම් ( 011 2305060 හෝ 0779 779 222.