සුනාමියට වසර 12 යි

සුනාමි විපත සිදුවූයේ 2004 දෙසැම්බර් 26 වැනිදාය. මේ විපතින් ශ්‍රී ලාංකිකයෝ 35,000 ක්‌ මරණයට පත්වූහ.දිස්‌ත්‍රික්‌ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 57 ක ජනතාව සුනාමිය නිසා විපතට පත් වූහ. පුද්ගලයන් ලක්‌ෂ 10 ක්‌ අවතැන් වූ අතර නිවාස ලක්‌ෂයක්‌ පමණ විනාශවිය.

සුනාමිය නිසා රටට සිදුවූ අලාභය කෝටි 3800 ක්‌ බව ගණන් බලා ඇත.රික්‌ටර් මාපකයේ 9.3 ක්‌ සටන්වූ භූමිකම්පාව සිදුවූයේ ඉන්දුනිසීයාවේ සුමාත්‍රාහි බටහිර වෙරළට ඈතිනි.

මෙම සුනාමිය ඉන්දුනිසීයා සුනාමිය නත්තල් සුනාමිය, බොක්‌සින් දින සුනාමිය දකුණු ආසියානු සුනාමිය යන විවිධ නම් වලින් හැඳින්විය.

මේ අතර දිස්ත්‍රික්ක 25ක සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඔවුන් සිහි කිරීම සඳහා පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සිදු කෙරෙන බව ය.

තව ද, සුනාමි ව්‍යසනයේදී දුම්රිය අනතුරින් මිය ගිය පුද්ගලයින් සිහිපත් කර හෙට පැරැලියේදී විශේෂ සැමරුමක් ද පැවැත්වෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.