මහින්ද උපන්දිනය සැමරූ හැටි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72වැනි ජන්ම දිනය අද දිනට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආගමික වතාවත් සංවිධානය කර ඇති බව යි වාර්තා වන්නේ.

අද අළුයම නාරාහේම්පිට අභයාරාමය කිරි අම්මාවරුන් වෙත දානය පිළිගැන්වීමක් ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව සංවිධානය කර තිබුණා.

එමෙන්ම මීට මඳ වේලාවකට පෙර රාජපක්ෂ මහතා කේක් කපා සිය උපන්දිනය සැමරූ අතර එම අවස්ථාවට ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු බොහෝ දෙනෙකු එක්ව සිටියා. අනතුරුව නවීකරණය කරන ලද මහින්ද රාජපක්ෂ වෙබ් අඩවියද අද එළි දැක්වූ අතර මහින්ද පවුලේ සිතුවමක් පිරිනැමීම. මහින්ද සුබාශිංසන ගීතයක් එළිදැකීම ආදියද උදෑසන සිදු කළා.

එ් මොහොතේ වීඩියෝව පහතින් නරඹන්න