ව්‍යාජ නාමල් අත්අඩංගුවට ගැනිමට නියෝග

ව්‍යාජ නාමල් අත්අඩංගුවට ගැනිමට නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා ලෙස හදුන්වා ගනිමින් හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික‍්‍රම මහතාට ඇමතුමක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියේ සැකකරු වන අම්පාර නගර සභාවේ හිටපු සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද (28දා) නියම කළේය.

මේ සම්බන්ධයෙන් පනවා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඊට ඉදිරිපත් නොවීම නිසා සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.

2011 මාර්තු මස 28 වැනිදා හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික‍්‍රම මහතාට ඇමතුමක් ලබා දී ඇති සැකකරු තමා පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ලෙස හදුන්වා ගනිමින් කතා කොට ඇති බවත් නිලධාරියෙකුට ලබා දී ඇති ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස දැනුම් දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

මෙම පැමිණිල්ල ලබන වසරේ පෙබරවාරී මස 27 වැනිදා යළි කැ`දවීමටද මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.