ජී.එල්.පීරිස්ට පිළිතුරු නැතිවෙයි

ජී.එල්.පීරිස්ට පිළිතුරු නැතිවෙයි
අලුත් පක්ෂයක සාමාජිකත්වය ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමෙන් අනතුරුවදැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී සෘජු පිළිතුරක්දීමට ඒ මහතා අපොහොසත් විය.

පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී අද (03)පෙරවරුවේ කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීහු මේ පිළිබඳව විමසා සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නොමැතිනම් වෙනත් පක්ෂයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන බව දන්වා තිබීමෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී ජී.ඇල්.පීරිස් මහතා සඳහන් කළේ තමන්ට එය ගැටලුවක් නොවන බවයි.

එය කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක් බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන්ට ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට අවස්ථාව තිබෙන බවත්,හෙතෙම පවසා සිටියේය.