ව්‍යාපාරිකයාට ආවා ගෲප් ප්‍රහාරයක්‌

ආවා ගෲප්
"ආවා ගෲප්" කල්ලියට කප්පම් ලබාදීම ප්‍රතික්‍ෂේප කළ යාපනයේ කොණ්‌ඩාවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුව පෙරේදා (31 දා) රාත්‍රියේ තියුණු ආයුධවලින් කපා තුවාල සිදු කොට ඇතැයි යාපනය පොලිසියේ නිලධාරියෙක්‌ පැවසීය.

කඩු සහ පිහියා රැගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකු ව්‍යාපාරිකයාට පහරදී වෙළෙඳසලේ බඩුබාහිරාදිය විනාශ කිරීමට සූදානම් වීමත් සමගම එම ස්‌ථානයෙන් ජීප් රථයක්‌ ගමන් කිරීම නිසා ඔවුන් පළාගිය බව වෙළෙඳ සලේ සේවකයෙකු විසින් පොලිසියට පවසා ඇත.

සැකකරුවන් පලායන අවස්‌ථාවේදී ඔවුන් විසින් ව්‍යාපාරිකයාව කඩුවකින් කපා ඇති බවත් ඒ අවස්‌ථාවේ ව්‍යාපාරිකයාට "හොඳයි අපි බලාගන්නම්" යනුවෙන් පවසා ඇති බවත් පොලිසිය පැවසීය.

මේ අතර වන්නි ආරක්‍ෂක සේනාංක ආඥපති මේජර් ජෙනරාල් බොනිµස්‌ පෙරේරා මාධ්‍යවේදීන්ට පැවසුවේ "ආවා ගෲප්" කල්ලිය මංකොල්ලකෑමේ නිරත කණ්‌ඩායමක්‌ බවට පොලිසිය සහ ආරක්‍ෂක අංශ විසින් හඳුනාගෙන ඇති බවයි.

මෙම කල්ලියට බියවී දකුණේ ජනතාව උතුරු පළාතට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු බියක්‌ ඇතිකර නොගත යුතු බවද ඔහු කියා සිටියේය.

මෙම කල්ලියේ බලපෑම යාපනය, කිළිනොච්චිය හා මුලතිවු යන පළාත්වලට පමණක්‌ සීමා වී ඇති බව කී ආරක්‍ෂක ප්‍රධානියා එම තත්ත්වය ඉතා ඉක්‌මනින්ම මැඬපැවැත්වීමට ක්‍රියා කරන බවද පැවසීය. යුද්ධයෙන් පසුව එළැඹී සාම කාලයේදී උතුරු පළාතේ වවුනියාව හා මන්නාරම යන දිස්‌ත්‍රික්‌කවල ජනතාවට කිසිදු ප්‍රශ්නයක්‌ ඇති නොවන අන්දමට පාලනය කිරීමට හැකි වී ඇති බව බොනිµස්‌ පෙරේරා මහතා සඳහන් කළේය.