බස් වර්ජනය අවලංගු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වර්ජනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

ඒ අනුව සැළසුම් කළ බස් රථ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ සංගම් පවසනවා.

පෞද්ගලික බස් සංගම් කිහිපයක්, ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමය සහ පාසල් ප්‍රවාහන වෑන් රථ සංගමය මෙම සාකච්ඡාවට සහභාගී වූවා.

මෙම වර්ජනය කැඳවා තිබුණේ මාර්ග නීති කඩ කිරීම සඳහා වූ අවම දඩය රුපියල් 2500 ක් දක්වා වැඩිකිරීමේ, අය වැය යෝජනාවට විරෝධය පළ කිරීම සඳහායි.