ජල ගාස්තු වැඩි නොකරන බව ජනපති කියයි

ජල ගාස්තු වැඩි නොකරන බව ජනපති කියයි
ජල ගාස්තු වැඩි නොකරන බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ කළ බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි අද ප‍්‍රකාශ කළා.දෙසැම්බර් මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ජල ගාස්තුව සියයට 30කින් පමණ ඉහළ යනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ.

මේ අතර ජල ගාස්තු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බවයි අමාත්‍ය රාවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී අද (15) ප‍්‍රකාශ කළේ.

සරත් අමුණුගම, රවි කරුණානායක හා රාවුෆ් හකීම් යන අමාත්‍යවරුන් එම කමිටුවේ සාමාජිකයින් වනවා.