ඔබේ ලග්නයට අනුව මරණයට පත්වෙන හැටි දැනගන්න

ඒ ඒ ලග්න අනුව වැළදෙන රෝගාබාධ හා මරණය සිදුවීමට ඉවහල් වන අන්දම පැහැදිලිකරන්නට පුළුවන් බව ජ්‍යෝතිෂයෙහි කියවෙනවා.

මේෂ ලග්නය
උෂ්ණ, දැවිලි රෝග, හිසේ අමාරු, හිසකෙස් වැටීම, තොල් පැළීම, හදිසි ක්ලාන්ත වීම, නින්ද නොයෑම, ලේ රෝග, පිත් රෝග, විදුරුමස් දියවීම, බඬේ කැක්කුම ආදී රෝගාබාධයන් වැලඳීමට ඉඩ ඇත.

මරණය වන අන්දම –
පිත් රෝග, බන්ධනාගාර ගතවීම, උසකින් වැටීම, අවි ආයුධවලින් හා වස – විසවලින් මෙහි සඳහන් එක් ක‍්‍රමයකින් මරණ බිය ගෙන දීමට ඉවහල් වනු ඇත.

වෘෂභ ලග්නය
රෝග – උගුරේ හා බෙල්ලේ රෝග, පපු ප‍්‍රදේශයේ රෝග, පීනස, මලබද්ධය, ලේ වැඩිකම, ලේ නහර පිපිරීම ආදී රෝග වැලඳීමට ඉඩ ඇත.

මරණය වන අන්දම –
ආයුධ, මෘග පීඩා, ජල බිය පීඩාවට පත්වීම ආදී එක් ක‍්‍රමයකින් මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.

මිථුන ලග්නය
රෝග – නහරගත රෝග, උමතු රෝග, පෙණහැල්ලේ රෝග, උරහිස්වල රෝග, අත්පාවල වාත රෝග, නිව්මෝනියාව ආදී රෝගාබාධයන් වැලඳීමට ඉඩ ඇත.

මරණය වන අන්දම –
වස – විස කැවීම්, සර්පයන් දෂ්ට කිරීම්, මෘගයන්ගෙන් පීඩා ලැබීම යන මින් එකකින් මරණ බිය ගෙන දෙන බව ජ්‍යෝතිෂයෙහි දැක්වේ.

කටක ලග්නය
රෝග – බඩවැල්වල රෝග, සෙම් අමාරු, කැපුම් තුවාල, බඩෙහි වතුර පිරීම, ඇට බිඳී යෑම, මින් එකක් හේතු කොටගෙන මරණ බිය ගෙන දෙන බව පැවැසෙයි.

සිංහ ලග්නය
රෝග – හෘදයේ කොඳු නාරටියේ රෝග, වකුගඩු, මුත‍්‍රා රෝග, සෙංගමාලය, පිත්තාධික රෝග ආදියයි.

මරණය වන අන්දම –
ආයුධ – ආම රෝග, සත්ත්ව උපද්‍රව, කුස ගින්නෙන් සිටීම ආදී හේතුවකින් මරණ බිය ගෙනදේ.

කන්‍යා ලග්නය
රෝග – උදරයේ රෝග, අණ්ඩකෝෂවල රෝග, ක‍්‍රිමි හා වණ රෝග, ශරීර සෞඛ්‍යය අඩුවේගෙන යන රෝගවලට හේතුයි.

මරණය වන අන්දම –
සිවුපා සතුන්ගෙන් පීඩා, ආයුධවලින්, පිත් රෝග ආදී කරුණක් මුල්ව මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.

තුලා ලග්නය
රෝග – ලේ කෝප රෝග, වකුගඩු රෝග, ඇපැන්ඩිසයිටිස්, කටීවායු, තුනටියේ වාත රෝග, මුත‍්‍රාශයේ රෝග වැලඳිය හැකිය.

මරණය වන අන්දම –
මාර්ග පීඩා, ආයුධවලින් ස්වකීය ඥාතීන් කරණ කොටගෙන, සිවුපා සතුන්ගෙන් ආදී කරුණක් මුල්ව මරණ බිය ගෙන දීමට සමත් වනු ඇත.

වෘශ්චික ලග්නය
උපන් අයට වැලෙක්‍ෂන රෝග – මුත‍්‍රාශයේ රෝග, ගර්භාෂයේ රෝග, මුත‍්‍රා ගල් හා දරුණු ඉක්මන් රෝග,

මරණය සිදුවන අන්දම –
බන්ධනාගාර ගතවීම, පහර ලැබීම, දුෂ්චරිත ක‍්‍රියා, ගිනි ආදී මේ ආදී හේතුවකින් මරණ බිය ගෙනදීමට සමත් වනු ඇත.

ධනු ලග්නය
රෝග – ගින්නෙන්, ක‍්‍රීඩාවලින්, දිවීමෙන්, තුනටියේ හා ඒ අවට ප‍්‍රදේශවල රෝග, රක්තවාතය, උගුර හා සෙම් රෝග, කකුල් ඉදිමීම ආදී රෝගා බාධයන් වැලඳීමට ඉවහල් වනු ඇත.

මරණය වන අන්දම –
සර්ප විෂ ශරීරගත වීමෙන්, බන්ධනාගාරගත වීමෙන්, සිවුපා සතුන් කරණ කොටගෙන මේ ආදී හේතුවකින් මරණ බිය ගෙන දීමට සමත් වනු ඇත.


මකර ලග්නය
රෝග – සමෙහි රෝග, දණහිස, කෙණ්ඩාවල රෝග, ලේ අඩුකමින් හන්දි කැක්කුම, කුෂ්ඨ, පිළිකා යනාදී රෝග වැලඳීමට ඉඩ ප‍්‍රස්තාව ඇත.

මරණය වන අන්දම –
ආයුධවලින්, විස වර්ගවලින්, වැටීම් ආදියෙන් මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.


කුම්භ ලග්නය
කකුල්වල පහළ සන්ධිස්ථානවල, අත්වල, මැණික්කටුව යනාදී ස්ථානවල වේදනා, හෘද රෝග ඇස් රෝග, වස – විස කරණ කොටගෙන මින් එකක් මුල්ව මරණ බිය යෙදේ.

මීන ලග්නය
රෝග – ලේ අඩුකම, ඉදිමුම් ගතිය, හොරි, වණ, බඬේ අමාරු, අධික සෙම පහවීම ආදී රෝගාබාධයන් ඇති කෙරේ. නපුරු රෝගවලින්, සර්ප දෂ්ඨයෙන්, මාර්ග අනතුරු කරණ කොට මින් එක් කරුණක් මුල්ව මරණ බිය ගෙන දීමට සමත්වනු ඇත.

උපුටා ගැනීමකි