ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දඩ කයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ(23) පැවති තරගයේ දී පන්දුවාර 50 යැවීම සඳහා නියමිත කාලයට වැඩි කාලයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

නියමිත කාලය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් පන්දුවාර දෙකක් යැවීමට ඉතිරිව තිබූ බව වාර්තා වෙයි.

ප්‍රමාද වන පන්දුවාරයක් සඳහා අදාළ කණ්ඩායමේ නායකයාට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් ගෙවිය යුතු බව සඳහන්ය.

ඒ අනුව ඊයේ පැවති තරගයේ දී පන්දුවාර දෙකක් ප්‍රමාදවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග ගාස්තුවෙන් සියයට 40ක දඩයක් සහ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කර තිබේ.

එමෙන්ම උපුල් තරංග එක්දින කණ්ඩායමේ නායකයා ලෙස වසරක් ඇතුළත මෙවැනි වරදක් යළි සිදුකළහොත් ඔහුට තරග තහනමකට ලක්වීමට ද සිදුවනු ඇත.