ලෝක බලවතාට ජනපති අගමැති සුබ පතති

ජනපති අගමැති
ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනපති පදවියට සුදුසුකම් ලැබූ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු සුබපැතුම් එක්කර තිබේ.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ලෙස ලැබූ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳව තම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ජනපති මෛත්‍රීපාල මහතා පවසා ඇති අතර ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන කාලයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග සමීපව කටයුතු කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන්කර ඇත. සිය ට්විටර් ගිණුම් හා ෆේස්බුක් ගිණුම් ඔස්සේ මෙසේ සුබපැතුම් පණිවිඩ එක්කර තිබේ