පොලිස් නිල ඇඳුමට වීඩියෝ කැමරාවක්

police uniform camera
සෑම ‍පොලිස් නිලධාරියකුගේම නිල ඇඳුමෙහි හඬ සහ වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රයක් සවි කිරීමේ යෝජනාවක් ඊයේ සහ පෙරේදා (13 හා 14) හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා පැවති වැඩමුළුවේ දී ඉදිරිපත් වී ඇත.

‍පොලිස් නිලධාරින් අතින් සිදුවිය හැකි වංචා සහ දුෂණ චෝදනා එල්ල වීම අවම කරවීමේ අදහසින් එලෙස නිල ඇඳුමෙහි අනිවාර්යයෙන්ම මෙම පටිගත කිරීමේ යන්ත්‍ර සවි කළ යුතු බවට එම යෝජනාව ඉදිරිපත් වී ඇත.
එම වැඩමුළුවේදී අයවැය සම්බන්ධයෙන් වන කාරණා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටු කිහිපයක් සකස් කෙරුණු අතර එම කමිටුවක් මඟින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත. මෙම යෝජනාව පිළිබඳ මැති ඇමැතිවරුන් අතර සාකච්ඡා වුවද ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම පසුවට සලකා බැලීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යෝජනා කොට තිබේ.