ෆෝන් එක කියලා අයන් එක කනේ තියාගෙන!

Man puts iron to ear instead of phone
රෙදි මදිමින් සිටින විට ලැබුණු දුරකතන ඇමතුමක් නිසා දුරකතනය අතට ගෙන වැරැදීමකින් දුරකතනය වෙනුවට ඉස්තිරික්කය කනේ තබාගෙන පිළිස්සුම් තුවාල ලැබූ අයෙක් ගැන නුවරඑළියෙන් වාර්තා වෙයි.

නුවරඑළිය නගරය ආසන්නයේ පදිංචි මැදි වියේ පසුවන මේ පුද්ගලයාගේ කන්පෙත්තේ පිළිස්සුම් තුවාල ඇතත් සිදුවීම ගැන පැවැසීමට නොහැකි නිසා රෝහල්ගත නොවී මේ වනවිට සිංහල වෙදකමේ පිහිට ලබමින් සිටී.

ඔහු ඉකුත් 2දා උදේ තම නිවෙසේදී මේ අකරතැබ්බට මුහුණදී තිබේ. රාජ්‍ය ආයතනයක සුළු සේවකයකු ලෙස රැකියාව කරන ඔහු රැකියාවට යෑමට ප්‍රමාද වී තිබීම නිසා කඩිමුඩියේ ඇඳුම් මදිමින් සිටියදී තම ජංගම දුරකතනයට ඇමතුමක් ලැබී තිබේ. රැකියාවට දිවීමේ සිහියෙන් සිටි ඔහු දුරකතනය අතට ගෙන එයට ප්‍රතිචාර දක්වා එයින් ඇඳුම මදිමින් හුරු අතේ තිබුණු ගිනියම් වූ ඉස්තිරික්කය නොදැනුවත්වම කනේ තබාගෙන ඇත.