ඥනසාර හිමිට නොතීසි

මාලබේ තලාහේන කල්වරි පල්ලියට අලාභ හානි සිදු කිරීම, පුද්ගලයින් දෙදෙනෙකුගේ රත්‍රන් මාල සොරකම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ නඩුවකින් 2014 අප්‍රේල් දෙවැනි දා වගඋත්තරකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ගොස් තිබේ.

ඒ අනුව නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමේ වගඋත්තරකාර ඥානසාර හිමි ඇතුළු පිරිසට ලබන වසරේ ජනවාරි 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් අද නොතීසි නිකුත් කළේය.