ගයේෂා මව් පදවිය ලබන්න සුදානම්

ගයේෂා මව් පදවිය ලබන්න සුදානම්
මෑත කාලයේ කතාබහට ලක්වුණු නිළියක් තමයි ගයේෂා පෙරේරා කියන්නේ.ඉතින් ගයේෂා ගැන අලුත් ආරංචියක් අපට ලැබුණා.ඒ ගයේෂා මව් පදවිය ලබන්න සුදානම් වෙනවා කියලා. ඉතින් අපි ගයේෂට සුබ පතන ගමන් ඒ ගැනත් අහල බැලුව.

ගයේෂා මවක් වෙන්න යන එක ගැන ඇය කිව්වේ මෙන්න මේ විදියට.

"හොඳින් කාලය ගත වෙනවා. මම හිතන්නේ මව් පදවිය කියන්නේ ඕනෑම කාන්තාවකට ඉතාම වටිනා කියන දෙයක්.මටත් එහෙමයි. බලාපොරොත්තුවෙන් ඉන්නවා දුවෙක්ද පුතෙක්ද කියලා. ඒ වගේම දෙන්නගෙන් කව්රුහරි බලාපොරොත්තු වෙනවා.මට හිතෙන හැටියට පුතෙක් තමයි. බබා ලැබෙන්න ආපු දවස්වල ඉන්දලම්මට හිතුණා පුතෙක් වෙන්න ඇති කියලා.ඉස්සරහට පුළුවන් වෙයි අපට දුවෙක්ද පුතෙක්ද කියලා."

ගයේෂා කියන්නේ ආන්දෝලනාත්මක චරිත රඟපාපු කෙනෙක්නෙ.මේ තත්ත්වය මවක් වුණාට පස්සේ නැතිවෙයිද ?
" ඒ ගැන හිතලා නෑ වැඩිපුර. චරිත කියන්නේ චරිත විතරයි. අපේ ජීවිතේ නෙවයි.අනික පුද්ගලික ජීවිතේ ගොඩක් දේවල් වෙනස්කර ගත්තේ නැති මම හිතන්නේ නෑ රංගන ජීවිතේ තුළින් ලොකු වෙනසක් දකින්න ලැබෙයි කියලා.හැබැයි ඒක තමයි ප්‍රශ්නේ. මං තෝරාගත්තේ සමාජයේ කතාබහට ලක්වෙච්ච චරිත.නැත්නම් යම්කිසි දෙයක් කරන්න පුළුවන් චරිත.මන් හිතන්නේ ඉදිරියටත් ඒ වගේ චරිත කරයි කියලා. ඉතින් චරිත කියන්නේ අපේ ජීවිත වලට චරිතම පමණයි."