රණවිරු විරෝධතාව දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන

විශ්‍රාමික ආබාධිත හමුදා සාමාජිකයන් සුළු පිරිසක් මේ වනවිට කොළඹ කොටුවේ පවත්වන විරෝධතා රජය අප්‍රසාදයට පත්කිරීම සඳහා සිදු කරන්නක් බවත්, එය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කරගෙන ඇති බවත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ 2017 වසරේ අය-වැය යෝජනාවට මෙම ආබාධිත රණවිරුවන් සඳහා විශ්‍රාම වැටුපට අදාළව මුදල් වෙන්කර ඇති බවත්, එය 2017 වසරේ පෙබරවාරි මස සිට ගෙවීමට ජනනපතිවරයා උපදෙස් දී ඇති බවත්ය.