උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවිය ලබයි

Upekshaa Swaranamali
කලා ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මව් පදවිය ලබා තිබෙනවා.ඇයගේ කුළුඳුල් දරුවා ඊයේ ඉපදුණු බව ඇය පවසා සිටියේ.උපේක්ෂට ලැබුණු කුළුඳුල් දරුවා දියණියක් බවයි ඇය සතුටින් අපත් සමඟ සඳහන් කර සිටියේ.

මේ ඇයගේ සතුට වචනවලට පෙරලපු හැටියි.

“මට පුදුමාකාර සතුටක් දැනෙන්නේ. බබා ලැබුණට පස්සේ තමයි මව් පදවිය කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන් වුනේ. ජිවිතයේ වැඩියෙන්ම බලාපොරොත්තු වූ දේ ලැබුණා. වචනවලට පෙරල ගන්න බැරි පුදුම සතුටක් තමා තිබෙන්නේ. හොඳ වෛද්‍යවරයකු යටතේ සිසේරියන් සැත්කමකින් දරුවා ලැබුණා. හිතේ බය විතරයි තිබුණේ. අපරාදේ මම නිකරුණේ බය වුණේ.“