ගුණදාස කපුගේ මෑණියන් සමුගනී

ඇල්පිටිය මිරිස්වත්ත පදිංචිව සිටි සිරිබද්දනගේ ඇලිස් නෝනා මාතාව අවුරුදු 94 ක් ආයුෂ වළඳා අද (09) උදෑසන අභාවප්‍රාප්ත වුවාය.ඇය අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ගුණදාස කපුගේගේ ආදරණීය මෑණියන්ය.

ඇය දියණියන් දෙදෙනකුගේ හා පුතුන් හතර දෙනෙකුගේ ආදරණීය මෑණින්යන්වේ.

කපුගේ මාතාවගේ ආදාහන කටයුතු නොවැම්බර් 12 වන සෙනසුරාදා සවස 4.00 ට ඇල්පිටිය තණබද්දේගම මිරිස්වත්ත කපුගේ මාවතේ පිහිටි සිංහ ක්‍රීඩා පිටියේදී සිදුකිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සදහා මිරිස්වත්තේ පිහිටි කපුගේ මහතාගේ මහගෙදර තැන්පත් කර ඇත.