මාදුළුවාවේ නාහිමි අපවත් වී වසරයි

අභීත යුග මෙහෙවරක් ඉටු කළ කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී අදට (8) වසරක් සපිරෙයි.

ඒ නිමිතිකරගෙන අද (8) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගුණානුස්මරණ රැස්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන බව ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියෝ පැවසූහ.

සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානය ගුණානුස්මරණ රැස්වීම සංවිධානය කර තිබේ. ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියෝ මෙහි මුලසුන හොබවති.

නාහිමිපාණන්ට පිං පිණිස සියක් නමක් මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් අද දහවල් කෝට්ටේ නාගවිහාරයේදී සිදු කෙරේ.