නිමල් සිරිපාල හැමදාම නිදියන හේතුව හෙළිවෙයි

නිමල් සිරිපාල හැමදාම නිදියන හේතුව හෙළිවෙයි
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යනු පාර්ලිමේන්තුව තුළ මෙන්ම විවිධ ප්‍රසිද්ධ උත්සව අවස්ථා ආදියට සහභාගී වී සිටියදී නින්දට පත් වීම පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි ආදියේ නිරන්තර කතාබහට ලක්වෙන චරිතයක්.

පසුගිය දා පැවැති අයවැය ඉදිරිපත් කිරීමේ දී ද මෙම තත්ත්වය පෙන්නුම් කළ අතර නිමල් සිරිපාල අමාත්‍යවරයා නින්දට පත් වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප පුවත්පත් හා වෙබ් අඩවි තුළ ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ඔහු එලෙස නිතරම නින්දට පත්වන හේතුව පිළිබඳ මේවන විට අන්තර්ජාලයේ තරමක අවධානය යොමුව තිබෙනවා.

වාර්තාවන ආකාරයට අමාත්‍යවරයාගේ මෙම තත්ත්වයට හේතුව 1996 කාලයේ සිදු වූ සිද්ධියක්.

1996 වසරේ දී යාපනය LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමට ශ්‍රී ලංකා හමුදාවන්ට හැකි වූ අතර එම ප්‍රදේශයේ සිවිල් පරිපාලනය ඇති කිරීමට පෙර නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරුන් හට පැවරී තිබෙනවා.

LTTE ග්‍රහණයෙන් පසු නැවත ගොඩනැගුණ යාපනය ප්‍රදේශය පිළිබඳ සොයා බැලීමටත් විනාශ වී ගිය ජන ජීවිතය නැවත නගා සිටුවීමටත් එවකට නිවාස ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා මහතාට විශාල වගකීමක් පැවරී ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර 1996 ජූලි 04 වැනි දා අමාත්‍යවරයා ඇතුළු පිරිස වෙත LTTE මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යුධ හමුදාවේ බි‍්‍රගේඩියර් ආනන්ද හමංගොඩ මහතා ඇතුළු 26 දෙනෙකු එහි දී මිය ගොස් ඇති අතර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ හිසට බරපතළ තුවාල සිදු වී තිබෙනවා.

එම බෝම්බයෙන් හිස තුළට ගිය ඇතැම් කැබලි වර්තමානයේ දී ද ඔහුගේ හිසෙහි ඇති බව යි පැවසෙන්නේ.

එකම ඉරියව්වකින් සිටීමේ දී අමාත්‍යවරයාට නින්ද යාමේ හේතුව එම බෝම්බයෙන් ඇති වූ රෝගී තත්ත්වයක් නිසා වන බව යි වාර්තා වන්නේ.