ප්‍රධාන රථ වාහන වැරදි 6ට දඩය රු.25,000යි

රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා දකුණෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම ගැටළුවක් නොවන බව විජේරත්න මහතා සඳහන් කළේය.

අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව ඔහු කියා සිටියේය.

එම මාර්ග නීති කඩකිරීම් පහතින්

1. රක්ෂණාවරණයක් නොමැති වාහනයක් ධාවනය කිරීම.
2. රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය ධාවනය කිරීම.
3. බීමත්ව රිය ධාවනය කිරීම.
4. වමෙන් ඉස්සර කිරීම.
5. සම්මත වේගයට වඩා අධික වේගයෙන් රිය ධාවනය කිරීම.
6. දුම්රිය හරස් ගේට්ටු හරහා නොසැලිකිලිමත් ලෙස වාහන ඇතුළත් කිරීම.