උද්ධමනය 5% දක්‌වා ඉහළ නගී

ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉකුත් ඔක්‌තෝබර් මස උද්ධමනය සියයට 5 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

සැප්තැම්බර් මස පැවැති උද්ධමනය සියයට 4.7 ක්‌ විය. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලෂ්‍යමය පදනම අනුව මේ උද්ධමනය ගණනය කර තිබේ.

මේ අනුව සැප්තැම්බර් මාසයේ දර්ශක අංක 113.5 ක්‌ වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය, ඔක්‌තෝබර් මාසයේදී දර්ශක අංක 114.7 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මෙම ඉහළ යැමට ආහාර කාණ්‌ඩයේ අයිතමයන්හි මිල ගණන් ඉහළ යැම ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇති අතර ආහාර කාණ්‌ඩය තුළ ඇති සහල්, පොල්, දෙහි සහ එළවළු මිල ගණන් ඔක්‌තෝබර් මාසය තුළදී ඉහළ ගොස්‌ තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත