චීනයේ වාහන 56ක් ගැටී 17ක් මරුට

චීනයේ වාහන 56ක් ගැටී 17ක් මරුට
චීනයේ ෂැංෂි පළාතේ අධිවේගී මාර්ගයක සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, අනතුරින් තව ත් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

බීජිං සිට කුන්මින් දක්වා දිවෙන අධිවේගී මාර්ගයේදී වාහන 56ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ෂිංහුවා මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.

චීන බලධාරීන් පවසන්නේ, ඊයේ අනතුර සිදු වන අවස්ථාව වන විට එම ප්‍රදේශයේ අධික වැසි සහ මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවති බව ය.