35 ට අඩු අයට ත්‍රීවීල් තහනමක්‌

 ත්‍රීවීල් තහනමක්‌
තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම වැළැක්‌වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමට ඉදිරි අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

ඊට අමතරව කුලී ත්‍රිරෝද රථ සහ නිවෙසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමද කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

රටේ තරුණයන් මෙම කුලී සේවාව කරා යොමුවීමෙන් දැනටමත් සමාජ ප්‍රශ්න ගණනාවක්‌ම ඇතිවී තිබෙන බැවින් අදාළ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක්‌ රජයට ලැබී තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.