ලංකාවට ලකුණු 257ක ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.ඒ ලකුණු 257කින්.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් රංගන හේරත් ලෝක ක්‍රිකට් පිටියේ වීරයන් අතරට එක්ව තිබෙනවා.ඒ කඩුලු 350ක් ලබා ගත් වයස්ගතම පන්දු යවන්නා ලෙසයි.මේ වන විට රංගන හේරත්ගේ වයස අවුරුදු 38ක් සහ දින 236ක් වනවා.