රථ වාහන මාර්ග දඩය රු. 25,000ක්‌ කළ යුතුයි

රාජිත සේනාරත්න
මාර්ග නීති කඩ කිරීමේ දඩ මුදල රුපියල් 2500 ක්‌ නොව රුපියල් 25,000 දක්‌වා ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

වාණිජකරණය මෙන්ම මාර්ග සංවර්ධනය කිරීමෙන් අනතුරු සිදුවන ප්‍රමාණය ඉහළ ගොස්‌ ඇතැයි අමාත්‍යවරයා කීය. මෙම අනතුරු පාලනය කිරීම සඳහා මාර්ග නීති පද්ධතියක්‌ අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

පාර මාරු වීමේ සිට මාර්ග රිය අනතුරු දක්‌වා නීති රීති අත්‍යවශ්‍ය වන බවද රටේ ජනතාව වෙනුවෙන් ද විනයක්‌ ඇති කළ යුතු අතර විනයක්‌ නොමැති රටක්‌ සංවර්ධනය කිරීමට හැකියාවක්‌ නොමැති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මාර්ග අනතුරු අවම කිරීම වෙනුවෙන් කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ කීය.