මහින්ද 23දා චීනයට

මහින්ද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස 23දා චීනයේ සංචාරයක නිරත වෙයි. චීන රජයේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරන බව හිටපු ජනාධිපතිවරයාගේ බත්තරමුල්ල කාර්යාලයේ නිලධාරියෙක් පැවැසුවේය.

චීන රජයේ නියෝජිතයන්, දේශපාලන පක්ෂවල නායකයන්, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු හමුවීම් කිහිපයකටම හිටපු ජනාධිපතිවරයා චීන සංචාරයේදී සහභාගි වන බව ඔහු සඳහන් කෙළේය.