ඩොලරය රු. 151 ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (29 දා) රු. 151 ඉක්‌මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 151.07 ක්‌ විය.

ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28 දා) 150.59 ක්‌ විය.

මෙසේ දිගින් දිගටම රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන සියලුම භාණ්‌ඩවල හා සේවාවල මිල ගණන් ඉහළ යමින් තිබේ.