ආහාරපාන වල මිල රු.10 කින් ඉහළට

ආහාරපාන වල මිල රු.10 කින් ඉහළට
මෙවර අය වැයෙන් ජල ගාස්තුව ඉහළ දැමිමට සාපේක්ෂව සියළුම ආහාර පාන වල මිල ගණන් රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.නොවැම්බර් මස 18 වන දින සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක කරන බව එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

තේ කෝප්පයක මිල රුපියල් 5 කින්ද, කිරි තේ රුපියල් 10 කින්ද ඇතුළුව අනෙකුත් සියළුම ආහාර ද්‍රව්‍ය රුපියල් 5 සිට 10 දක්වා මුදලකින් ඉහළ නංවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.