නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරයි (VIDEO)

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා දීමට බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සයිටම් ආයතනයට පැමිණ ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් රැගෙන යාම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළේය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ අස්ථි කොටස් රැගෙන යාමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළ පෙට්ටි වල ඔවුන්ගේ මුද්‍රාව පමණක් තැබූ හෙයින් ඒ හේතුවෙන් ගැටලු කිහිපයක් මතුවිය හැකි බවයි.

වීඩියෝව පහතින්.