මිහින් ලංකා ගමන නවතියි

ඔක්තෝබර් 30 දා සිට ක්‍රියාත්මක වන පරිදි මිහින් ලංකා සමාගමේ සියළුම ගුවන් ගමන් නවතිනු ඇති බව එම සමාගම කියයි.

ඉන්පසුව එම සියලු ගුවන් ගමන් වල මෙහෙයුම් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකිරීමට නියමිත බව ද මිහින් ලංකා වැඩිදුරටත් පවසයි.

මේ අනුව, මිහින් ලංකා ගුවන් සමාගම ලබන 30 වන දා සිට ශ්‍රී ලංකා ගුවන් සමාගම යටතට පවරා ගන්නා බව ශ්‍රී ලංකන් හි මාධ්‍ය ප්‍රකාශක - දීපාල් පෙරේරා මහතා පවසා තිබේ.

වසර 2007දී ස්ථාපිත කරන ලද මිහින් ලංකා ගුවන් සේවය, ආරම්භයේ සිටම පාඩු, ණය, නාස්තිය හා දූෂණ වංචා ඇතුළු අක්‍රමිකතා රැසකින් පිරී යාම හේතුවෙන් මේ වසරේදී මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් සමාගම හා ඒකාබද්ධ කිරීමට රජය තීරණය කර තිබුණි.