ලංකාවේ නම ජාත්‍යන්තරයේදී කැත කළ අයෙක්

ශ්‍රී ලංකාවේ ඉපදුණු තරුණයෙකු විදෙස් රටකදී කිසිවෙකුටත් නොදෙවෙනි වෙන වැඩක් කර තිබෙනවා.
ඒ ඔහුගේ මංගල උත්සවය අතිශ්‍ය උසස් අකාරයට පවත්වා ඇති අතර ඒ සඳහා මුදල් සොයා ගැනීමට අමුතු වැඩක් කර ඇති බවයි වාර්තා වන්නේ.මංගල උත්සවය සඳහා මුදල් ලබා ගෙන ඇත්තේ ATM යන්ත්‍ර වලින් මුදල් සොරකම් කිරීමෙනි.

ඔහුගේ රැකියාව වී ඇත්තේ පෞද්ගලික ආයතනයක ඇසුරුම් අංශයේ රැකියාවක් වන අතර වසරක වැටුප යුරෝ 16,000ක් වන නිසා එම උත්සවයට පැමිණි අය වඩාත් පුදුම වී ඇත්තේ මේ තරම් අලංකාර මංගල උත්සවයක් ගැනීමට ඔහුට මුදල් කෙසේ ලබුණිද යන්නයි.
අදාළ තරුණයා 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.