කිංස්ලි පීරිස්ගේ දියණිය ජීවිත ගමනට සමුදෙයි

ජීවිතේ සමහර වෙලාවට අපිව හොයාගෙන එන කරදර නිසා ජීවිත පවා නැතිවෙනවා. ඒකට වයස, ධනය, ජනප්‍රියත්වය කිසිම විදිහකින් බලපාන්නේ නෑ.අපි මේ විදිහට කියන්න හිතුවේ කවුරුත් දන්න, කවුරු අතරත් ජනප්‍රිය ගායකයෙක් වන කිංස්ලි පීරිස්ගේ දියණිය අසනීප තත්ත්වයකින් ජිවිතේ දාලා ගිය පුවතක් නිසා.

මේ පුංචි දියණිය මීට ටික වෙලාවකට කළින් හැමෝගෙම හිත්වලට දුකක් වගේම සංවේගයක් එකතු කරමින් ජීවිත ගමනින් සමුඅරන්.අසනීප තත්වයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව සඳහන්.

Flash back ගායක කිංස්ලි පීරිස්ගේ දියණිය කවීෂා මධුරංගි පීරිස්ට තාම වයස අවුරුදු 12 යි.අද උදේ පෞද්ගලික රෝහලකදි පුංචි කවීෂා හැමෝගෙන්ම සමුඅරන් තිබුණා.සවාරියක් සඳහා ඉතාලියට ගොස් සිටින Flash back ගායක කිංස්ලි පීරිස් මේ සිද්ධිය නිසා අද දිවයිනට පැමිණෙන බව අපට වාර්තා වුණා.