යාචකයන්ටත් ඡන්දය දැමීමට වරම්

නගරවල සිඟමන් යදිමින් ජීවත්වන යාචකයන්ට සහ අහිගුණ්ඨික ජනතාවට ඡන්ද වරම් ලබාදීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

'සැමට ඡන්දය' හිමිකරදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පිරිසද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව පෙන්වා දෙන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, ඒ සඳහා තම අවධානය මේ වන විට යොමු කර ඇති බව පැවැසීය.

කුලී නිවැසියන්ට, ඔවුන් පදිංචි නිවෙසේ ලිපිනය යටතේ ඡන්ද හිමි නාමලේඛනයේ නම් ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසම තීරණය කර 2016 ජන්ද හිමි නාමලේඛනයේ ඒ සඳහා ඉඩ සලසා දුන් බවද හෙතෙම සඳහන් කෙළේය.

ඒ අනුව යාචක සහ අහිගුණ්ඨික ජනතාවට ඡන්ද හිමිකම ලබාදීම 2017 ඡන්ද හිමි නාමලේඛනය පිළියෙල කිරීමේදී සිදු කිරීමට හැකිවනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළ කරයි.