ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේම දෙවැනියා දුකෙන්

2016 පහ ශේ‍ර්ණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනේ ප්‍රථමයා ලෙස ඊයේ (5දා) අලුයම සිට රාජ්‍ය තොරතුරු ඒකකයේ සිට විවිධ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන ලද කුලියාපිටිය අස්සැද්දුම විද්‍යාලයේ රුවන්‍යා මෙත්මින්යා දැරිය හදිසියේ නැවත දෙවැනියා කිරීමෙන් එම දැරිය මෙන්ම මවුපියන් සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් මහත් අපහසුතාවට පත්ව ඇත.

මේ පිළිබඳව රුවන්යා දැරිය කඳුළු පිරි දෙනෙතින් අප හා පැවැසුවේ ලංකාවෙන්ම දෙවැනියා වුණත් මුලින් මවුපියන් ඇතුළු පිරිස සතුටට පත් කළ ප්‍රවෘත්තිය සාවද්‍ය බව දැනගත් පසු අපි හැමෝම අසරණ වුණා. ලැජ්ජා වුණා. මම ලංකාවෙන්ම පළමුවැනියා වීමට හීන මැව්වේ නෑ. මගෙ ඉලක්කය වුණේ ලකුණු 180ක් පමණ ප්‍රමාණයක්. ඒත් මේ තත්ත්වයට අපිව පත් කෙළේ රජයේ තොරතුරුවලින්මයි. මට දැන් තියෙන්නේ සතුටකට වඩා කනගාටුවක්.

දැරියගේ පියා වන වෛද්‍ය උත්පල ගුණසේකර මහතා පැවැසුවේ දරුවන්ගේ අනාගතයට, මනසට දැනෙන මෙවැනි තොරතුරු පළ කිරීමේදී ඒ පළ කරන ආයතන වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.