දිනකට FB භාවිතා කරන්නන් 10,000ක් මිය යයි

ලොව පුරා සමාජ ජාල භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය සහ වැඩිපුරම පිරිසක් සැරිසරන අඩවියක් තමයි ෆේස්බුක් (Facebook) සමාජ ජාලය. අදවන විට ෆේස්බුක් ගැන නොදන්නා කෙනෙක් නැහැ.

ඒ හේතුවෙන් 2004 වර්ෂයේ ආරම්භ කරන ලද මේ සමාජ ජාලයට අද වනවිට ලොව පුරා කෝටි 150 ක පිරිසක් සම්බන්ධ වී සිටිනවා. ඒ අතරින් කෝටි 115ක පමණ පිරිසක් දිනපතා පැමිණෙන බවයි පැවසෙන්නේ.

2004 වසරේ සිට අද දක්වා ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කළ පුද්ගලයින් කෝටි 4 කට ආසන්න පිරිසක් මරණයට පත්ව තිබෙන බව අනාවරණය වෙලා තියෙනවා. ෆේස්බුක් ගිණුම් භාවිතා කරන්නන් අතරින් 428 දෙනකු පැයක් තුල මිය යන බවත් දිනකට ෆේස් බුක් ගිණුම් හිමියන් 10,273 ක් මිය යන බවත් පැවසෙනවා.

ඒ අනුව මසකදී මරණයට පත්වන ෆේස් බුක් ගිණුම් හිමියන්ගේ ගණන 312,500ක් තරම් ඉහල අගයක් ගනු ලබනවා.

මෙම මරණ අනුපාතය හේතුවෙන් 2065 වසර වන විට ලෝකයේ ෆේස් බුක් ගිණුම් හිමියන් ගණනට වඩා ෆේස් බුක් භාවිතා කළ මිය ගිය පිරිසේ ප්‍රමාණය වැඩි වන බවයි පෙන්වාදී ඇත්තේ. ඒ අනුව 2065 වන විට ලෝකයේ විශාලතම අවමංගල සිහිවටන එකතුව ෆේස් බුක් සතුවනු ඇති බවද එහි සදහන්. ඒ අදාළ දත්ත මකා නොදමා පවත්වාගෙන යාමට ෆේස් බුක් ආයතනය තීරණය කිරීම හේතුවෙන්.

ඇතැම් මරණ සඳහා ෆේස්බුක් සමාජ ජාලය සෘජුවම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අතරින් ෆේස් බුක් හරහා ඇති වන සබදතා බිද වැටීමේ සිද්ධීන් / ඒ හරහා සිදුකරන අපරාධ ආදිය හේතුවෙන් අදාළ මර්ණ වාර්තාවන බවයි පර්යේෂකයින් කණ්ඩායමක් අනාවරණ කර ඇත්තේ.