දෙමටගොඩ චමින්ද වැලිකඩින් දුම්බරට

හාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද නමැති අය අද (09දා) පෙරවරු 8.45 පමණ මහනුවර, පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙනඑන ලදී.

විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගර බස් රථයකින් ඔහු රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලීසිය විසින් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකසා තිබිණ.