ව්‍යවස්ථා බිල්ලෙක් එපා මල්වතු නාහිමි විමල්ට කියති

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හෝඑළිදක්වා නොමැති අවස්ථාවක බොරු සැකයක් ඇති කරගෙන එමගින් රටට අහිතකර දේ සිදුවන බව කීම අනුමත කළ නොහැකි යැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිහිප විටකදී යෝජිත නව ව්‍යවස්ථාව තුළින් බෙදුම්වාදය ඇති කරන කිසිදු යෝජනාවක් ගෙන නොඑන බවපවසා ඇතැයිද මහනාහිමියෝ එහිදීකියා සිටියහ.

මහනාහිමියන්එසේ පැවසුවේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළුජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් පිරිසක් අද (13දා)පෙරවරුවේ උන්වහන්සේහමුවූ අවස්ථාවේදීය.

යෝජිත නව ව්‍යවස්ථාව මගින් රටේ ඒකීයභාවයට තර්ජනයක් වන බව හා එමගින් රටට තවත් අහිතකර ප්‍රතිඵල උදාවිය හැකි බැවින්, ඒ පිළිබඳ මහනාහිමිවරුන්ඇතුළු මහා සංඝයා දැනුවත් කිරීම වෙනුවෙන්ඔවුහු මෙසේ උන්වහන්සේලා හමුවූහ.

යෝජිත ව්‍යවස්ථාව මහජනතාව හමුවේ තබා කරුණු විමසා සකසන බැවින් දැන්ම ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැතැයිද මහ නාහිමියෝ එහිදී සඳහන් කළහ.