පෙම් යුවලකට පන්න පන්න පහරදුන් හැටි - වීඩියෝ

වරදක් දැක්කම, එහෙමත් නැත්නම් වැරැද්දක් කළාම ඒක නොදැක්කා වගේ ඉන්නවානම් ඒකත් වැරැදක්. නමුත් හරිවැරැද්ද තේරුම් නොගෙන සදාචාරය පැත්තකට දාලා ඒකට ප්‍රතිඋත්තර දෙන්න යනවානම් එතනත් වරදක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ.

අපි මේ විදිහට වැරදි ගැන කියන්න හිතුවේ පසුගිය දවසක තරුණ පෙම් යුවළකට පහරදීමේ සිද්ධියක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබීම.

මේ වීඩියෝ එකේ තියන්නේ තරුණියකට තරුණයින් පිරිසක් විසින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක්. ඒ විදිහට තරුණියට පහරදෙන්න හේතුව මොකක්ද කියන එකනම් හරියටම අනාවරණය වෙලා නැහැ.
නමුත් ලැබුණු තොරතුරුවලට අනුව මේ පෙම්වතුන් දෙදෙනා පාරේ යද්දි නැතිබැරි අහිංසක මනුස්සයෙක් ඔවුන්ගෙන් කීයක් හරි මුදලක් දෙන ලෙස ඉල්ලලා. ඒ වෙලාවෙදි මේ තරුණිය එම පුද්ගලයාට කෙලගහලා කියලා කතාවක් යනවා.
ඒ වැඩේ දැකපු තරුණයන් පිරිස මේ පෙම් යුවළට එළව එළවා පහරදෙන්න පටන් අරන් කියලා තමයි ආරංචි වෙන්නේ.මේ තමයි ඒ වීඩියෝව පහතින්...